Monday, July 9, 2018

teenage කුප්ප වැඩක්


 

ගමේ ඉස්කෝලෙන් O/L යන්තම් ගොඩ දාගත්තු මන් ඇතුළු පස්දෙනෙක් පවුද්ගලික පන්ති වල සහය ගැනත් හිතල පාසල් තෝරාගත්තේ ගම්පහ අවටින්. කට්ටියම උදේ 7.25 (වෙඩිල්ල) ට්‍රෙන් එකේ තමයි රාගම ස්ටේෂන් එකෙන් ගම්පහ සයිඩ් එකට යන්නේ. දෙන්නෙක් ගනේමුල්ලෙන් බහිනවා, අපි තුනක් (තව යාලුවෝ බොහොමයක් එක්ක) ගම්පහ වෙනකන් ගියා. ඒ කාලේ අවම ගාස්තුව රුපියල් 2යි, ඕක ඉතුරුකරගන්න මමත් ගනේමුල්ල වෙනකන් ගිය එකෙකුත් කිලෝමීටර් 2ක් හැමදාම පයින් ඇද්ද රාගම ස්ටේෂමට. මේ කාලෙ මන් හරිම ප්‍රසිද්දයි, කිව්වොත් කිව්වා, වෙලාව නම් වෙලාව (පොඩ්ඩක් එහෙමෙහෙ උනොත් අනික් උන් වාසල හමාරයි) වගේ සිධ්දාන්ත වලට. ඕක මට ප්‍රත්‍යක්ෂ උනේ යාලුවෙකුගේ අක්ක කෙනෙක් මට යාලුවෝ ඉස්සරහම කිවම. "උපුල්ට අපි ගෙදර දාල තියෙන නම තත්පරය කියල" (මේ කියන කාලේ ලංකාවේ වන අලියෙක් හිටිය "තත්පරය" කියල).

ඉතින් ඔන්න දැන් මන් වෙලාවට වැඩ කරන එකෙක් කියල යාලුවෙකුගේ ගෙදරින් ලැබුන සහතිකෙත් එක්ක කන්ෆර්ම්. ඒ එක්කම මට අදටත් තියෙන ගැටළුවක් තමයි. හතට රෙඩි වෙන්න පහට නැගිටින්න ඕනනම්, පහයි පහට නැගිට්ටෝත් හතයි පහ වෙනවමයි. ඒ කාලේ මන් හීන මැවුව කොතලාවල ඇකඩමි යන්න, අපේ අක්කල මට හිනා වෙනවා ගිහින් මාසයක් යන්න ඉස්සෙල්ල ගෙදර එවයි කියල ටයිම් මැනේජ්මනට් අවුල් නිසා.

සතියේ දවස් පහෙන් එක දවසක් මන් විනාඩියක් ලේට් උනත් ගේම අදින මට්ටමට මගේ කිලෝමීටර් දෙකේ යාළුවා පත් උනේ අර උඩ කියපු සහතිකේ ලබුනයින් පස්සේ, අඹ යාලුවෝ උනාට අපි මරාගත්තු වෙලාවල් එමටයි. ඉතින් මන් කල්පනා කලා ලේට් වෙන වෙලාවට මොකක්ද ගහන ගැටේ කියල මට පොටක් පෑදුනා. මිනිහ සෙට් වෙන්න මන් මීටර් 500ක් වගේ එන්න ඕන ඔය එන අතරේ දුවල වෙලාව අල්ල ගන්නත් බැරි උනාම අත් ඔරලෝසුව අනෙක් පැත්ත කරකැවුව අවශ්‍ය ප්‍රමානෙට, මුට නොපෙනෙන දුරදි උපරිම ස්පීඩ් එකෙත් ඇවිල්ල, පේන ටික හෙමින් ඇවිල්ල නොදන්නා ගානට සෙට් උනා. සමහරදාට යාළුවා මගේ ඔරලෝසුවේ වෙලාව තිය ගන්නවා උගේ එක වැරදියි කියල, තවත් සමහර වෙලාවට මාව සැක කරලා හරස් ප්‍රශ්න අහනවා ඒ වෙලාවට අම්මල අප්පල සහ ජාතකේ මතක් කලාම එකත් OK .

No comments:

Post a Comment